Monday, September 13, 2010

හලාවත හිගින් චිකන් කෑව වගෙයි

මේ කතාව ලිව්වෙ නම් අපේ "බෝදුල්" සහෝදරයා... එයාට මේක අපේ බ්ලොග් අඩවියට ඇතුලත් කරද්දී පොඩි තාක්ශනික ගැටලුවක් ඇති වෙලා.. ඉතින් ඒ නිසා ඔහු වෙනුවෙන් මම මේක ඇතුලත් කරනවා.. කියවලා රස විදින්න කෝ....

****************************

අන්දරේ සීනි කෑවා වගෙයි ,දැලි පිහියෙන් කිරි කෑවා වගෙයි ප්‍රස්තා පිරිලු නම් ඕගොල්ලෝ ඕන තරං අහල ඇති. ඒත් කව්රු හරි නිකමට හරි හලාවත හිගින් චිකන් කෑව වගෙයි කියල කිව්වොත් ටිකක් අමුතුයි වගේ නේද. හරි කලබල වෙන්න දෙයක් නෑ. ඔය පිරුල බොහොම මෑතකදී එකතු වෙච්ච එකක්. හැබයි ඔකේ නිධාන කතාව දන්නේ නං බොහොම ටික දෙනයි. ඒ හින්ද මං හිතුව ඕක කට්ටියත් එක්ක බෙදා ගන්න.

ඔන්න එක කාලෙක යාලුවෝ කට්ටියක් විනෝද
චාරිකාවක් යන්න කතා කර ගත්තලු. හලාවත රෑ නැවතිලා ඒ හරහා කල්පිටියේ යන්නලු කට්ටිය හිතාගෙන ඉදල තියෙන්නේ.ඔය පැත්ත මතක් කරද්දීත් කට්ටියට මතක් වෙන්නේ ඉස්සෝ පොකිරිස්සෝ කකුලුවොනේ.කොහොමහරි ඔකේ බොහොම ක්‍රියාශීලී නඩේ ගුරෙකුත් හිටියලු. එයාලු ඔක්කොම කම බීම, ඇදුන හිටුම් සංවිධාන කරේ. එයා කට්ටියට කල්පිටියේ කෑමබීම ලේඛනයක් එහෙමත් කලිම්ම එව්වලු. හැබැයි අපරාදේ කියන්න බෑ වෙන මොනවා නැතත් ,එය එවන හැම මෙනු එකේම චිකන් නං උඩිම්ම ලස්සන බෝල අකුරෙන් තිබ්බලු . මෙනු එකේ සී ෆුඩ් නැ කියල හැමෝටම තේරුනත් කව්රුත් වැඩිය ඒක ගණන් අරන් නෑ. මොකද කට්ටිය හිතල තියෙන්නේ හලාවත රෑට ඉස්සෝ පුරවල ඇති කියල.. අන්තිමට කට්ටිය පාරත් වරද්දගෙන කොහොමහරි හලාවතට ආවලු. ඔන්න ලස්ස්සනට කෑම මේසේත් හදල. ඔක්කොම හොදයි හැබයි ඉස්සෝ නම් නෑ. නියම චිකන් හොද්දක් නම් තියෙනවා. කට්ටිය කල්පනා කරා. හලාවත ප්‍රසිද්ධ ඉස්සන්ටනේ . ම්ම්ම් ... අපිට වරදුනවත්ද . නැ නැ වැරදිලා නැ. ඒ තිබිල තියෙන්නේ නිකන් චිකන් නෙවෙයි හලාවත චිකන්. චිකන් ගැන හොදටම දන්නා චිකන් වලට සම්බන්ධ අපේ යාලුවෙක් කට්ටියට පැහැදිලි කරාලු. ඉතින් මොනවා කරන්නද "ඉස්සෝ වගේද හලාවත චිකන් කියල" කට්ටිය "හලාවත චිකන්" කාල නිදගත්තලු. කොහ්මහරි මේකේ යටි පෙලකුත් තියෙනවා. ඒ තමයි නඩේ ගුරාට ඉස්සෝ පෙන්න බැ කියන එක . ඒ නිසා කොහොමහරි ඉස්සෝ වෙනුවට හලාවත රෑට චිකන් ලෑස්ති කෙරෙව්වලු .අනේ පව්! අර කොකියත් බේබිට චිකන් ඕන හින්ද කොහෙන්හරි චිකන් හොයාගෙන ඇවිත්. දැන් සී ෆුඩ් ඉල්ලපු අයටත් මොනවහරි තියෙන්න ඕනනේ. ඒ අයට නම් අනේ හම්බ උනේ හොදට ඩෙවල් කරපු සෙල්-"ෆිෂ්" dish එකක් විතරයි ලු .

Saturday, September 11, 2010

සුසුදු බවේ රහස

කවුද සුදු වෙන්න අකමැති? නේද? මේකත් ඉතින් අපේ කල්පිටි ගමනේදී වෙච්ච දෙයක් ම තමයි.. අදින් පස්සෙ
කල්පිටිය ගැන ලියන එක නවත්තලා අනිත් සන්චාර ගැන ලියන්නයි ඉන්නෙ..

කල්පිටිය ගිහිල්ලා මුහුදෙ නෑවෙ නත්නම් ඉතින් ඉදලා වැඩක් නැහැ. නියම මුහුද. රැල්ලත් සැර නැහැ. හරියට ගග වගේ. මටනම් ඉතින් ඕකෙ ඒ හැටි අරුමයක් නැහැ. ගම ඉතින් "මහ රජතුමා" ගෙ ගම් පලාතෙ නෙ. මුහුදට හූවක දුර නෙ.

ඉතින් එහෙ යන ඔක්කොම, මුහුදෙ නාන්න නම් අමතක කරන්න එපා හොදේ..

අපිත් ඉතින් ගියා මුහුදෙ නාන්න.. චොකා නම් ඉතින් ( ඔව් අර... ඕන තරම් හොයාගන්න පුලුවන් පුත්තලම් බූරුවගෙ ෆොටො එක මාරගේමක් දීලා ගත්තු මෑන්ස් තමයි... ) පින්තූර ගත්ත එක විතරමයි කලේ.. නාන්නවත් මෙලෝක සිහියක් නැහැ.

මාර ෆුන් එකක් ඔක්කොමලා ගත්තා.
ඛොහොඅ හරි ටිකක් රෑ වෙන්නත් ආව නිසා අපි ඔක්කොම අපි නැවතිලා හිටපු "සෙත වාඩිය" ට ඉක්මනටම සෙට් උනා.

මුහුදෙ නෑවට පස්සෙ ඉතින් හොද වතුර ටිකක් නා ගත්තෙ නැත්නම් ටිකක් ඉන්න අමාරුයි නෙ.. අපි ඉතින් අපෙ නවාතැනට ආපු ගමන්ම කලෙත් පොඩ්ඩක් වතුර ටිකක් ඇගට දාගත්තු එක තමයි..

කොහොමින් කොහොම හරි ඔක්කොම ඉතින් කාර්ඩ් සෙල්ලම් කරන්නත් සෙට් උනා.

එතකොටම එතනට අපෙ නාගයා ( ඒ කිව්වෙ නාගසින්හ.. මාර හැන්ඩ්සම්.. ) ගෙ මූණ දිහා ඔක්කොමලා කන්න වාගේ බලන් ඉන්නවා.. මිනිහට මාර අප්සෙට්...

ඔක්කොම බලන නිසා මාත් ඉතින් බැලුවා.
ආහ් කියන්න අමතක උනා නෙ. අපේ සෙට් එකේ පැහැපත් ම කොලුව තමයි නාගෙ (හික් හික්.. දන්නව නෙ ඉතින් මම මොනවද අදහස් කලේ කියල.. ඔන්න නාගෙ මමනම් උඹ ගැන මොනවත්ම කිව්වෙ නැහැ ඕන්..) ..

ඔක්කොමලා බලලා තියෙන කාරණාව එතකොට තමයි මටත් මීටර් උනේ..

අම්මට බොල... මූ මාර විදියට සුදු වෙලා නෙ.. කවුද අකමැති අනේ සුදු වෙන්න.. අපිටත් ඉතින් දැනගන්න තිබුනා නම් මරු කියල හිතුනා..

පොඩ්ඩක් විපරම් කරල බලද්දි තමයි තෙරුනේ වැඩේ..

මේ යකා නාද්දි සබන් ගාලා තියෙනවා..
හත්වලාමෙ කල්පිටියෙ පැත්තෙ හෝටල් වල කොහෙන්ද හොද වතුර.. තියෙන්නෙ කිවුල් වතුර නෙ...
ඉතින් ගාපු සබන් ඔක්කොම මූණෙ එහෙම්මමයි.. සාමාන්‍ය විද්‍යාව නෙ ඉතින්.. අපි බැලුවෙ මූ කොහොම Moratuwa Engineering Faculty එකට සිලෙක්ට් උනාද කියලා..



ප. ලි.

ටිකක් ටියුබ් ලයිට් අයට කියන්න තියෙන්නෙ කඨින ජලයේ සබන් වල දියවීම අවමයි නෙ... කඨිනත්වය වැඩිනම් දියවෙන්නෙ නැති තරම්...
හ්ම්ම්.. තාමත් ටියුබ් ලයිට් නම් ඉතින් කරන්න දෙයක් නැහැ... පස්සෙ වෙලාවක කියලා දෙන්නම් කෝ..

ඒ පැත්තෙ ට්‍රිප් එකක් යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බොන්න වතුර අරන් යන්න.. නැත්නම් ඉතින් දුක තමයි...

ආහ් මම ඉතින් හනියා තමයි.. අනිත් උන් අහනවා "යකෝ තොට මඩ නැද්ද? ඔක්කොම වෙලා තියෙන්නෙ අපිට නෙ " කියලා.. එහෙනම් ඉතින් ඊලගට එහෙම කතාවක් ලියන්නම් කෝ... එතකන් ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉමු නේද?



Thursday, August 26, 2010

ටොප් මොඩ්ල්


දැන්නම් ඉතින් කතාවක් දාන්නත් වෙලාව හරි. ඔන්න ඉතින් අපේ චොකා මල්ලි (සමාවෙන්න ඕනා.. මේ කතා කරන්නේ අර රත්නපුර පැත්තෙ චන්දෙ ඉල්ලපු ප්‍රේමලාල් ජයසේකර මහත්තයා එහෙමත් නැත්නම් ඒ චොකා මල්ලි ගැන නෙවෙයි.. අපේ නිමන්ත කොලුවා ගැන. අපි ආදරේට කියන්නෙ චොකා මල්ලි කියල තමයි.. හිහ් හිහ්..)
කොහොමින් කොහොම හරි මෑන්ස් හා හා පුරා කියල ගත්තු කැමරාවත් මේ අපේ කල්පිටි ගමනට සෙට් කරගත්තා.. දන්නවනෙ ඉතින් අපේ මිනිහට කැමරාවක් ලැබුනොත් කොහොමද කියලා... හරියට විමලෙට කඩුවක් ලැබුනා වගේ තමයි.. ආහ් ඒ කතාව දන්නෙ නැද්ද? එහෙනම් පහල රූපෙ බලන්නකො..




මේක උපුටා ගත්තෙ "ඇට මැස්සා" ගෙන්. එයා නම් තරහ වෙන එකක් නැහැ. කොහොම උනත් චොකාට නියමෙට ගැලපෙනවා.. එහෙම නේද?
දැන් එහෙනම් ආයිත් කතාවට හැරෙමු.

කොහොමින් කොහොම හරි අපි කල්පිටියටත් ගියා කියමුකො. චොකාට මාර අප්සෙට්. මෑන්ස් මොන මොනවදෝ තනියම කියවනවා. අපිත් බැලුවා මොකද මේ කියලා. මෑන්ස් කාටදෝ දොස් කියනව වගේ තමයි තේරෙන්නෙ. කෝකටත් උගෙ මස්සිනා වෙච්ච.. සමාවෙන්න.. මස්සිනා වෙන්න ඉන්න අන්කල් (නම නම් රුසිරු.. එයා ගැනට් කතා එමටයි.. ඒවා ඉඩ ලැබෙන විදියට කියන්නම් කෝ..) යවලා බැලුවා මොකද්ද අප්සෙට් එක කියලා හොයාගන්න.
බැලින්නම් අපි වාහනෙ නැවැත්තුවෙ නැතිලු මෑන්ස්ට පොටෝ එකක් ගන්න.. මාර ෂොට් එකක් ලු... ලස්සනයි ලු.. අපරාදෙ ලු.. ආයෙත් ගන්න ලැබෙයිද දන්නෙ නැතිලු... කතන්දර කෝටියයි...

අපිටත් මුගෙ කන්දොස්කිරියාව ඉහටත් උඩින්...

මොනවා කරන්නද අහගෙන ඉන්නව මිසක්. මෑන්ස්ට හිටි ගමන් මළ පැනලා කියාපි.. "මම හෙට උදෙන් ම යනව එතනට තනියම. මට කවුරුත් එපා. මම තනියම ගිහින් පොටෝ එක ගන්නව" කියලා.

කමක් නැහැ ඉතින් පොඩි එකාගෙ ආසාවනෙ කියල අපිත් වෑන් එකේ යතුර චොකා ගෙ කාමරෙන්ම තිබ්බා.
ඊළග දවසේ උදේ.. බැලින්නම් චොකා මිසින්.. පටාස් ගාලා බැලුවා වෑන් එක තියෙනවාද කියලා.. නෑ.. පොර තනියම පොටෝ ගන්න ගිහින්..

ඔන්න පැය බාගෙකට විතර පස්සෙ චොකා ආවෙ හරියට ලෝකෙ තියෙන ලොකුම බරෙන් (මොනවද කියල නම් අහන්න එපා..) නිදසස් උනාටත් වඩා සතුටින්. මොකද දන්නවද..? කොහොමහරි අර මිස් වෙච්ච පොටෝ එක අරන්.. දැන් ඉතින් රටක් රාජ්ජයක් ලැබුනු ගානයි...

අපිටත් ඉතින් කහනව නෙ.. මූ ගත්තු පොටෝ එක බලන්න මාර යුද්දයක්.. ඒක පෙන්නන්නෙ නැතිව මුගෙ වර්ණනාව... හප්පොච්චියේ මොනවා කරන්නද.. අපිටත් ඉතින් උණ නෙ ඒක බලන්න ෆුල් ට්‍රයි එක.. ඕන්න ඔයාලත් බලන්න කො චොකා ගෙ ටොප් මොඩ්ල් ගෙ පින්තූරෙ..






මම බොරුවක් හෙම නෙවෙයි කරන්නෙ.. බොරුනම් පොටෝ එක පහල තියෙන පොඩි අකුරු ටික කියවන්න කෝ... බලන්න... පොටෝ ගත්තා මදිවට ඒකට අයිතිවාසිකම් එහෙමත් කියල තියෙන්නෙ ඔය අපූරුවට... හිහ් හිහ්....


ආයෙත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමුකො.... දන්නවනෙ මම කවුද කියල.. හනියා ම තමයි ඉතින්.. ඕන් මම ගියා..

Sunday, August 22, 2010

එහෙත් විනාසයි.....

නැවතත් සුපුරුදු ලෙසම මෙවරත් ගිය චාරිකාව ගැන කියලම හිටියොත් තමා හොද...මෙවර නම් ඉතින් ටිකක් විතර කර්කශ කාලගුණයක් තියෙන පලාතකට තමයි සන්චාරය කලේ...

තෝරගත්තෙ නම් කල්පිටිය. නම කිව්වමත් ටිකක් ප්‍රදේශය ගැන අදහසක් එන්න ඇතිනෙ. අපි ඉතින් මේ වගේ ගමන් යන්නෙ ටිකක් විතර ඒකාකාර ජීවිතයෙන් මිදෙන්න බලාගෙන තමයි. කාලයක් එක දිගට වැඩ කරල පොඩි වෙනසක් ඕන උනාම තමයි ඉතින් මේ වගේ ගමනක් යොදා ගන්නෙ...

ටයිටලේ දැක්කම හිතෙන්න ඇතිනෙ මොනවද වෙන්න ඇත්තෙ කියල... අපි ඉතින් ගිය තැන විනාසයි.. අනේ එහෙම එකක් නැහැ. ටිකක් විතර රසවත් වෙන්න තමයි එහෙම හෙඩිමක් දැම්මෙ.

කොහොම උනත් කියන්න නම් කතා බොහෝමයි. මම එකින් එක දාන්නම් කෝ. තරහ නැහැ නෙ.
දවසට එක ගානෙ කතා දාන්නම්.....

අදට මේ ඇති මගෙ හිතේ... අද ඉතින් ගිය තැන එහෙම කියල පටන් ගත්තු එක කතා ගොඩක් දාලම තමයි ඉතින් පස්ස බලන්නෙ.

එහෙනම්... මම ගියෝ....
මම වෙන කවුරුවත් නෙවේ.. Loss Gang එකේ හනියා.... එහෙනම් අදුර ගත්තනෙ... අපි ඉක්මනින් ම හමු වෙමු.