Thursday, January 20, 2011

හිස නෑති හනු(Man)

මේ කතාව නන් මීට හුගාක් ඉස්සර සිද්ද වෙච්ච එකක්. හ්ම්ම්... හරියටම කිව්වොත් 2007 වගේ. කතා නායකය නන්... ඔහ්... ඈත්තටම කිව්වොත් මේ කතාවෙ කතා නායකයො දෙන්නයි.

මුල්ම සිද්දිය වුනේ අපේ චොකා මල්ලිට. චොකා මල්ලි කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. හෑම වෑඩේම පිලිවෙලට කරන එක මෙයාගෙ ජන්ම පුරුද්දක්. ඒ වගේම පුරුද්දක් තමයි මොකක් හරි දෙයකට volunteer වෙන්න කිව්වොත් මුලින්ම ඉදිරිපත් වෙන්නෙත් මෙයාම තමයි. මේ සිද්දිය වුනේ අපේ dept. එකේ annual alumni get-together‍ එක දවසෙ. කිව්වට මොකද ඕකෙ ටිකට් එකට වියදම් කරන්න අපිට අතේ සතේ නෑහෑ. ඉතින් මොකක් හරි වෑඩක් පටලෝගෙන event එකට උදව් කරන්න කියල අපි සෙට් එකත් කොහොමහරි රින්ගනව.

Event එක දවසෙ ඉතින් අපිත් උදේ පාන්දරින්ම එතෑනට ගිහින් ඕනෙ බඩු මුට්ටු කර තියාගෙන අදිනව. Event එක colourful කරන්න කියල මෑජික් පෙන්නන්නත් ඩයල් එකක් ඈවිත් හිටිය. මෙයාගෙ ඕනෙ කරන බඩු අදින්න පෑනගෙන ගියෙ ඉතින් අපේ චොකා මල්ලි. කොහොමෙන් කොහොමෙන් හරි බඩු අදින ගමන් චොකා මල්ලි මෑජික් පෙන්නන අය්යත් එක්කත් ෆිට් වුනා. ටික වෙලවකින් මෑජික් අය්ය චොකාට කියපි "මල්ලි මන් පොඩි බෙල්ල කපන ට්‍රික් එකක් දාන්න audience එකෙන් කාට හරි එන්න කියනව. කවුරු හරි ආවෙ නෑත්තන් මල්ලි එන්න. නෑත්තන් වස නෝන්ඩියනෙ" කියල. චොකා මල්ලිට පොඩි හීන් දාඩියකුත් දෑම්මට මෑන්ස් ඒක පෙන්නන්න ගියෙ නෑ. "අය්ය බය වෙන්න එපා අය්යෙ මන් එන්නන්."ඒක නන් චොකා මල්ලි කිව්වෙ මෑජික් අය්යගෙ සහයට ආපු නන්ගි දිහා බලාගෙන.

ඔන්න ඉතින් බඩු ටික තියල චොකා මල්ලි ආව අපි ලගට. එවෙලෙ නන් ආවෙ සෑහෙන බයවෙලා. ඈවිල්ල ඉතින් සෙට් එකට විස්තරේ කිව්ව. අපි කිව්ව "ගනන් ගන්න එපා බන් අවුලක් වෙන එකක් නෑ. වෑඩිම වුනොත් උම්බේ බෙල්ල නෑති වෙයි. එච්චරනෙ"

එක එකා එක එක කතා කියනව.

Uncle: "මචන් මන් හිතන්නෙ ඔය කරන ට්‍රික් එකේ 10% ක් විතර වරදින්න චාන්ස් එකක් තියෙනව. කොයිකටත් ඉතිපිසෝ ගාතාව කියල පලයන්"

කෑසි : "ඔව් ඔව්... මාත් ඔය ට්‍රික් එක ගෑන නෙට් එකේ කියෝල තියෙනව. ඕක හෙන dangerous ට්‍රික් එකක් බන්. පොඩ්ඩ ගහල ගියොත් බෙල්ල තමයි."

චොකා මල්ලිගෙ බය එන්න එන්න වෑඩි වෙනව. අන්තිමේ මූ කියපි "නෑ නෑ මන් යන්නෙ වෙන එකෙක් ගියෙ නෑත්තන් නෙ... කවුරුහරි යයි."


ඔන්න ඉතින් ට්‍රික් එකේ වෙලවත් හරි. හීන් දාඩිය නෙමෙයි චොකා මල්ලි ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන ඉන්නව. මෑජික් අය්ය කතා කරා audience එකෙන් එන්න කියල. කවුරුත් යන පාටක් නෑ. එක පාරට අපේ සෙට් එක කෑ ගහපි "කමෝන් නිමන්ත කමොන් "කියල. (නිමන්ත කිව්වෙ ඉතින් චොකා මල්ලි ම තමයි ) මරන්න ගෙනියන වහු පෑටියෙක් වගේ චොකා මල්ලි පන ගෑහි ගෑහී ගියා stage එකට. මෑජික් අය්යත් චොකා මල්ලිගෙ ඈස් එහෙමත් රෙද්දකින් වහල stage එකේ පෑත්තකින් තියල ඒ ආම්පන්නෙට කොමඩු ගෙඩියක් දාල කෑපුව.

චරාස්... කොමඩු ගෙඩිය කුඩේ කුඩු. කට්ටිය චොකා මල්ලිව බය කරන්නත් හිතාගෙන මහ හයියෙන් කෑ ගහනව.

ඔන්න ඉතින් මෑජික් අය්ය චොකා මල්ලිගෙ බෙල්ල තිබ්බ ඒකට. එකායි.. දෙකායි.. තුනායි..


"බුදු අම්මෝ !!!...... "චොකා මල්ලි මහ හයියෙන් බෙරිහන් දුන්න.


අවුලක් නෑහෑ. මිනිහ පන පිටින්. ආපහු ඈවිත් අපිට මුව නොසෑහෙන්න ප්‍රශ0ශා කලා. දන්නවනෙ ඉතින් කොහොමද කියල.


----------------------------------------------------------------------------

දෙවෙනි කතාව වුනේ අපේ හනුමට. ඒ ඔය කතාව office එකේ අය්යලට කියන්න ගිහින්. (office කිව්වට ඉතින් internship කාලෙ )


කිව්වට මොකද talks දෙන්න නන් මේ යාලුව තරන් කෙනෙක් අහල ගම් හතකවත් නෑ මගෙ හිතේ. කෑම්පස් එකේ නන් කියන්නෙ "Talks නන් Iසුරු, Iසුරු නන් Talks" කියල.


ඔන්න ඉතින් හනූ යාලුවත් කට්ටියව වට කරගෙන චොකා මල්ලිගෙ බෙල්ල කපන්න ගිය සිද්දිය රස කර කර කියනව. අතින් පයින් යනවයි කියලයෑ. දාන්න තියෙන කෑලි ඔක්කොම ටික දාල කතාව කියපි.


කතාව ඉවර කලේ මෙන්න මෙහෙමයි.


"හික් හික්... තව පොඩ්ඩෙන් චොකාට හනුමන්තා වගේ තමයි ඉන්න වෙන්නෙ. "


කස්ටිය ෆුල් හොල්මන්. කවුද බොලේ මේ ඔලුව නෑති හනුමන්ත. හ්ම්ම්... අය්ය කෙනෙක් ඈහුව කවුද මල්ලි ඒ කියල.


"අය්යෝ අය්යෙ ඈයි දන්නෙ නෑද්ද. අර ඔලුව ගෑලවිච්ච ඩයල් එක. මොනවද ආ.. ෂික් ෂික්.. ඔයගොල්ලන්ගෙ සින්හල දෑනුම අන්තිමයි නෙ."


කස්ටිය ආයි හොල්මන්. "හ්ම්ම්.. මල්ලි ඔය කියන්නෙ සිරි සග බෝ ගෑනද" අය්ය කෙනෙක් ඈහුව.


"නෑ නෑ අය්යෙ... අය්යෝ කවුරුවත් දන්නෙ නෑද්ද හනුමන්ත ගෑන. අර වලියක් ගිහින් කවුද යෝධ ඩයල් එකක් ගෑහුවෙ එකෙක්ගෙ බෙල්ල ගෑලවෙන්න. අර හනුමන්තාගෙ බෙල්ල ගෑලවෙන්නෙ ගෑහුවෙ අනේ..."


"ආ... මේ මහසෝන ද? " අය්ය කෙනෙක් අහුව.


අපේ යාලුව සද්ද නෑ. එදා ඉදන් යාලුවට නම පටබෑදුනා හනුමන්තා කියල.


තාමත් කට්ටිය ආදරේට කියන්නෙ හනූ කියල.


සෑහෙන වෙලාවක් type කොලා. එහෙනන් අපි ගොහින් එන්නන්. දන්නවනෙ මන් කවුද කියල... ලොස් ගෑන්ග් එකේ uncle...

10 comments:

  1. මට මේ සිද්දිය මතකයි! මමත් හිටිය නේ එදා. නිමන්තගේ කෑගැහිල්ල තමා එදා මරු!

    ReplyDelete
  2. හිහ් හිහ්... ඔව් ඔව් ජනනි මතකනෙ එදා මුලු hall එකම දෙවනත් වෙන්න කෑගහපු හැටි.

    ReplyDelete
  3. Nimantha almost wet his pants that day :D

    I had forgotten how the card "Hanu" came into being. Thanks for the story

    ReplyDelete
  4. He he... I think you can omit the "almost" part Hiran ayya... ;):D

    ReplyDelete
  5. Maruwata liyala thiyenne.. Mata pana yanakan hina.. :D Here are the youtube videos of what actually happened.
    Part 1: http://www.youtube.com/watch?v=oHCPAcMY0yU
    Part 2: http://www.youtube.com/watch?v=k57qD8c1_zY&feature=related

    ReplyDelete
  6. He he... ado I searched for them on youtube by your name but couldn't find though :D Aparade we should have recorded Hanuma's talk as well... ;) :D

    ReplyDelete
  7. he he. very nicely written uncle !! he he

    ReplyDelete
  8. he he... Thanks bro... ;) All credit should go to you and Nima... ;) :D

    ReplyDelete
  9. Good old memories! I also was so scared of loosing such a brilliant kid :-)

    ReplyDelete