Wednesday, September 22, 2010

English (කැස්බෑ)

අපේ ලොස් ගැන්සියේ බ්ලොග් එක නියමට නැගල යනවනෙ... ඉතින් මටත් හිතුන තවත් අපේ රස කතාවක් දාන්න. කතා නම් බොහොමයි, ඒවගේම රසවත්. දැනටමත් කියවන අයට තේරිලා ඇතිනෙ ලොස් ගැන්සියෙ කතා කොච්චර ආතල් ද කියල. මේත් ඒවගෙ එකක් තමයි. එකක් කිව්වට එකක් නෙමේ, කීපයක් තියෙනව මෙතන. ඔන්න අහගන්නකො.

මේක ඉතින් අපේ කැස්බෑ යාලුවා ගැන කතාවක්. මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනෙ. දැන් ඉන්ගිරිසි වර්ග ගොඩක් තියෙනව නෙ. MS WORD වල English Language එක යටතෙ හැට හුටාමාරක් English ජාති තියෙනව..UK, Australia, US වගේ. මේ වගෙ අපේ කැස්බෑ යාලුවටත් එයාගෙම, unique ඉන්ගිරිසි ස්ටයිල් එකක් තියෙනව. ඒකට කියන්නෙ කැස්බෑ English කියල.
අපේ කැස්බෑවට නම් සුද්දගෙ ඉන්ගිරිසි හොදට පුලුවන්, හැබයි සමහර වෙලාවට මෙයාට සුද්දගෙ ඉන්ගිරිසි ටැපලිල එයාගෙම ඉන්ගිරිසි, ඒ කියන්නෙ කැස්බෑ ඉන්ගිරිසි කතා කරනවා. එවා නම් ඉතින් මුහුදෙ යට කරපු කතා නම් නෙමේ හොදේ..මේවා පොලොව උඩ කරපු කතා. මෙන්න මෙහෙමයි කතා සෙට් එක.

-----------------------------
පලවෙනි කතාව උනේ අපේ campus එකේ 1st year එකේදි. අපිට ඉතින් campus යනකොට pocket money එහෙම ඕනෙනෙ. ඉතින් මහපොල දෙනකම් තමයි කට්ටිය බලන් හිටියෙ. රුපියල් දෙදාස් පන්සිය අපිට නම් ලොකු ගානක්. ඉතින් මුලම මහපොල වාරිකය ගන්න අපිට තිබ්බෙ ලොකු උනන්දුවක්. ඒක එනකම් අපි ඇගිලි ගැන ගැන, හැමොගෙන්ම අහා අහා හිටියෙ. ඉතින් ඔහොම ඉන්නකොට කැස්බෑ සහොදරය කිව්ව අන්න මහපොල ගන්න පුලුවන් කියල.
හැමෝම උගේ වටේ දැන්, අහනව කොහෙන්ද ගන්න පුලුවන් කියල. ඉතින් මේක කියපි ගන්න පුලුවන් "ෆෙයාවෙල්" එකෙන් කියල. අපිටත් හරි ප්‍රශ්නෙ. කාගෙ, කවදා තියෙන ෆෙයාවෙල් එකක් ද? අපේ senior අයියල out වෙන්න හිටියෙ. ඉතින් එගොල්ලන්ගෙ ෆෙයාවෙල් party එකේ අපිට පලවෙනි මහපොල වාරිකය දෙන සිරිතක් තියෙනවද කියල අපිට ප්‍රශ්නෙ දැන්.ඉතින් අපි ඇහුව අපේ කැස්බෑවගෙන් කාගෙ, කවද තියෙන ෆෙයාවෙල් එකෙන් ද කියල. මහපොල ගන්න ඉවසුමක් නැහැ, මේක කියන එක තේරෙන්නෙත් නැහැ.
ඉතින් කියාපි "කාගෙවත් නෙමේ campus එකේ තියෙන, හැමදාම තියෙන එකෙන්" කියල.
අපිට දැන් හිතා ගන්න බැහැ. අපි ඇහුව කොහෙද තියෙන්නෙ කියල. මූ කියනව administrative building එකේ 1st floor එකේ කියල. අපි එතකොට ඔය building දන්නෙ නැහැ, ඉතින් කැස්බෑවටම කිව්ව ඒකට ගෙනියන්න කියල. ඌත් ඉතින් අපිට බැන බැන, "campus එකට ආවට කිසිම දෙයක් දන්නෙ නෑ" කිය කිය අපිව එක්කන් ගියා. ලොකුවට "සුභ සාධක අංශය" කියල ගහල තියෙන office එකට තමයි මෙයා අපිව එක්කරන් ගියෙ.
බැලින්නම් මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ. මෙයාට "welfare" එක පැටලිලා "farewell" කියල. එකයි මේ අපබ්‍රන්සෙට හේතුව. ඉතින් අපි එදා, senior අයියලගෙ "welfare" එක දවසෙ, අපෙ ප්‍රථම මහපොල "farewell" එකෙන් ගත්තා.

---------------------------------------------
මේ කතාවත් campus එකේදිම වෙච්ච එකක් තමයි. දන්නවනෙ අපේ බෙබා යාලුව. පොරත් ඉතින් සංගීත කාරය නෙ. ඉතින් දවසක් මූව වෙන යාලුවෙක්ට introduce කරන්න අපේ කැස්බෑ සහෝදරයට හිතුන. සංගීත පසුබිම කියල හිටියොත් හොදයි කියල තමයි හිතල තියෙන්නෙ. මෙන්න මෙහෙමයි උනේ.

කැස්බෑව: මචන්, මේ ඉන්න මගේ යාලුව සිරා පොරක්. ඌට සිරාවට සින්දු කියන්න පුලුවන්.
‍යාලුව: අහ් ඇත්තද..හොදයි හොදයි...
කැස්බෑව: මූ Peters එකේ chorus එකෙත් ඉන්නව
‍යාලුව: අහ් ඇත්තද, Peters එකෙන් කරපු සින්දුවක මුගෙ නම තියෙනවද?
කැස්: නෑ බන්. මූ ගොඩක් සින්දු කරනව.
‍යාලුව: හැම සින්දුවෙම මු ඉන්නවද? මාර පොරක් නෙ. Chorus එකේ කොයි හරියෙද මු ඉන්නෙ? මුලද, මැදද, අගද?
කැස්: ‍යකෝ උඹ මහ ඔටුවෙක්. උස පිලිවෙලට නෙ යකො ඉන්නෙ.
‍යාලුව: මොන &&*(%#$@#$^&*#....Chorus එකේ උස පිලිවෙලක් තියෙනවද. ඒක සින්දුවෙ කෑල්ලක් නෙ....
කැස්: ඇහ්..අනේ මචන්, මට පැටලුන. Chorus එකේ නෙමේ, Peters Choir එකෙයි මු ඉන්නෙ...
‍යාලුව: $#%^@##$&^%...

---------------------------------
මේ කියන්න යන කතාව උනේ අපි මුලින්ම ගිය ට්‍රිප් එකක. අපි ඉතින් campus ගිය අලුතම වගේ හිතුව හන්තාන නගින්න ඕනෙ කියල. ඉතින් වෑන් එකකුත් බුක් කරල, හන්තානෙ කිට්ටුව නවතින්න place එකකුත් බුක් කරල අපි ගියා. මෙ දෙකම බුක් කලේ අපේ කැස්බෑ සහොදරය. ඉන්න place බුක් කරද්දි නම් එයයි, චොකා සහොදරයටයි තමයි ඉතින් නියම locations වල contacts තියෙන්නෙ. අපෙ ගැන්සිය ගිය ගොඩක් ට්‍රිප් වල නවාතැන් උනේ මේගොල්ලො බුක් කරපුව තමයි.

ඔන්න කොහොම හරි අපි හන්තානෙ නැගල ආපහු කොළඹ එනව කියමුකො. කඩුගන්නාව හරියෙදි ඉස්සරහ හිටපු කැස්බෑව මෙන්න මෙහෙම කිව්ව. "ෂ!! මරු backup එක නේද"...කියල..
අපිටත් එච්චර ගානක් නැහැ ඒ වෙලාවෙ. හැබයි බැලුව මොකක්ද මේ "backup" එක කියල. බැලින්නම් මෙයා කියල තියෙන්නෙ ඉස්සරහ ගිය අලුත්ම "pickup" එකක් ගැන. "pickup" එක "backup" වුනාට මොකෝ කැස්බෑ සහොදරය නම් මේක පිළිගත්තෙම නෑ ලු. කොළඹට එනකම් මෙහෙම කිව්වලු, "මම farewell කිව්වා, chorus කිව්වා,හැබයි මම backup නම් කිව්වෙ නැහැ." හැබයි ඉතින් අසන්නන්ට නම් ඇසුනි.

ඔන්න ඔහොමයි මේ කතා ටික. තව ඕනේ තරම් තියෙනවා මේ වගේ කතා. ඉස්සරහට අහගන්න පුලුවන්.
මං එහෙනම් ගියා. දන්නවනෙ මං කව්ද කියල. ලොස් ගැන්සියෙ Noopy. ඔන්න එහෙනම් මේ බ්ලොග් පොස්ට් එකට තිත තිබ්බා. අපි ආයෙත් හම්බ වෙමු.

1 comment:

  1. මෙම blog post එකෙන් අපිට පෙනීයන්නේ kesba ඉංගිරිසි ශබ්ද කෝෂයේ සහ සුද්දන්ගේ ඉංගිරිසි ශබ්ද කෝෂයේ යම් වචන මෙලෙස සමාන වන බවයි.
    pickup = backup
    choir = chorus
    සහ
    welfare = farewell
    මෙම වචන තුනට අමතරව තව කොචරම් වචන තිබේද? අපේ kasbe මිතුර පමණක් දනී, එහෙත් අපි නොදනී. kesbe මිතුරාගේ වචන misfire වීම හමුවේ මොහොතින් මොහොත මෙම වචන සංක්‍යාව යතා කලෙයේ තතා අයුරින් update වනු ඇත.

    ReplyDelete