Wednesday, September 22, 2010

English (කැස්බෑ)

අපේ ලොස් ගැන්සියේ බ්ලොග් එක නියමට නැගල යනවනෙ... ඉතින් මටත් හිතුන තවත් අපේ රස කතාවක් දාන්න. කතා නම් බොහොමයි, ඒවගේම රසවත්. දැනටමත් කියවන අයට තේරිලා ඇතිනෙ ලොස් ගැන්සියෙ කතා කොච්චර ආතල් ද කියල. මේත් ඒවගෙ එකක් තමයි. එකක් කිව්වට එකක් නෙමේ, කීපයක් තියෙනව මෙතන. ඔන්න අහගන්නකො.

මේක ඉතින් අපේ කැස්බෑ යාලුවා ගැන කතාවක්. මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනෙ. දැන් ඉන්ගිරිසි වර්ග ගොඩක් තියෙනව නෙ. MS WORD වල English Language එක යටතෙ හැට හුටාමාරක් English ජාති තියෙනව..UK, Australia, US වගේ. මේ වගෙ අපේ කැස්බෑ යාලුවටත් එයාගෙම, unique ඉන්ගිරිසි ස්ටයිල් එකක් තියෙනව. ඒකට කියන්නෙ කැස්බෑ English කියල.
අපේ කැස්බෑවට නම් සුද්දගෙ ඉන්ගිරිසි හොදට පුලුවන්, හැබයි සමහර වෙලාවට මෙයාට සුද්දගෙ ඉන්ගිරිසි ටැපලිල එයාගෙම ඉන්ගිරිසි, ඒ කියන්නෙ කැස්බෑ ඉන්ගිරිසි කතා කරනවා. එවා නම් ඉතින් මුහුදෙ යට කරපු කතා නම් නෙමේ හොදේ..මේවා පොලොව උඩ කරපු කතා. මෙන්න මෙහෙමයි කතා සෙට් එක.

-----------------------------
පලවෙනි කතාව උනේ අපේ campus එකේ 1st year එකේදි. අපිට ඉතින් campus යනකොට pocket money එහෙම ඕනෙනෙ. ඉතින් මහපොල දෙනකම් තමයි කට්ටිය බලන් හිටියෙ. රුපියල් දෙදාස් පන්සිය අපිට නම් ලොකු ගානක්. ඉතින් මුලම මහපොල වාරිකය ගන්න අපිට තිබ්බෙ ලොකු උනන්දුවක්. ඒක එනකම් අපි ඇගිලි ගැන ගැන, හැමොගෙන්ම අහා අහා හිටියෙ. ඉතින් ඔහොම ඉන්නකොට කැස්බෑ සහොදරය කිව්ව අන්න මහපොල ගන්න පුලුවන් කියල.
හැමෝම උගේ වටේ දැන්, අහනව කොහෙන්ද ගන්න පුලුවන් කියල. ඉතින් මේක කියපි ගන්න පුලුවන් "ෆෙයාවෙල්" එකෙන් කියල. අපිටත් හරි ප්‍රශ්නෙ. කාගෙ, කවදා තියෙන ෆෙයාවෙල් එකක් ද? අපේ senior අයියල out වෙන්න හිටියෙ. ඉතින් එගොල්ලන්ගෙ ෆෙයාවෙල් party එකේ අපිට පලවෙනි මහපොල වාරිකය දෙන සිරිතක් තියෙනවද කියල අපිට ප්‍රශ්නෙ දැන්.ඉතින් අපි ඇහුව අපේ කැස්බෑවගෙන් කාගෙ, කවද තියෙන ෆෙයාවෙල් එකෙන් ද කියල. මහපොල ගන්න ඉවසුමක් නැහැ, මේක කියන එක තේරෙන්නෙත් නැහැ.
ඉතින් කියාපි "කාගෙවත් නෙමේ campus එකේ තියෙන, හැමදාම තියෙන එකෙන්" කියල.
අපිට දැන් හිතා ගන්න බැහැ. අපි ඇහුව කොහෙද තියෙන්නෙ කියල. මූ කියනව administrative building එකේ 1st floor එකේ කියල. අපි එතකොට ඔය building දන්නෙ නැහැ, ඉතින් කැස්බෑවටම කිව්ව ඒකට ගෙනියන්න කියල. ඌත් ඉතින් අපිට බැන බැන, "campus එකට ආවට කිසිම දෙයක් දන්නෙ නෑ" කිය කිය අපිව එක්කන් ගියා. ලොකුවට "සුභ සාධක අංශය" කියල ගහල තියෙන office එකට තමයි මෙයා අපිව එක්කරන් ගියෙ.
බැලින්නම් මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ. මෙයාට "welfare" එක පැටලිලා "farewell" කියල. එකයි මේ අපබ්‍රන්සෙට හේතුව. ඉතින් අපි එදා, senior අයියලගෙ "welfare" එක දවසෙ, අපෙ ප්‍රථම මහපොල "farewell" එකෙන් ගත්තා.

---------------------------------------------
මේ කතාවත් campus එකේදිම වෙච්ච එකක් තමයි. දන්නවනෙ අපේ බෙබා යාලුව. පොරත් ඉතින් සංගීත කාරය නෙ. ඉතින් දවසක් මූව වෙන යාලුවෙක්ට introduce කරන්න අපේ කැස්බෑ සහෝදරයට හිතුන. සංගීත පසුබිම කියල හිටියොත් හොදයි කියල තමයි හිතල තියෙන්නෙ. මෙන්න මෙහෙමයි උනේ.

කැස්බෑව: මචන්, මේ ඉන්න මගේ යාලුව සිරා පොරක්. ඌට සිරාවට සින්දු කියන්න පුලුවන්.
‍යාලුව: අහ් ඇත්තද..හොදයි හොදයි...
කැස්බෑව: මූ Peters එකේ chorus එකෙත් ඉන්නව
‍යාලුව: අහ් ඇත්තද, Peters එකෙන් කරපු සින්දුවක මුගෙ නම තියෙනවද?
කැස්: නෑ බන්. මූ ගොඩක් සින්දු කරනව.
‍යාලුව: හැම සින්දුවෙම මු ඉන්නවද? මාර පොරක් නෙ. Chorus එකේ කොයි හරියෙද මු ඉන්නෙ? මුලද, මැදද, අගද?
කැස්: ‍යකෝ උඹ මහ ඔටුවෙක්. උස පිලිවෙලට නෙ යකො ඉන්නෙ.
‍යාලුව: මොන &&*(%#$@#$^&*#....Chorus එකේ උස පිලිවෙලක් තියෙනවද. ඒක සින්දුවෙ කෑල්ලක් නෙ....
කැස්: ඇහ්..අනේ මචන්, මට පැටලුන. Chorus එකේ නෙමේ, Peters Choir එකෙයි මු ඉන්නෙ...
‍යාලුව: $#%^@##$&^%...

---------------------------------
මේ කියන්න යන කතාව උනේ අපි මුලින්ම ගිය ට්‍රිප් එකක. අපි ඉතින් campus ගිය අලුතම වගේ හිතුව හන්තාන නගින්න ඕනෙ කියල. ඉතින් වෑන් එකකුත් බුක් කරල, හන්තානෙ කිට්ටුව නවතින්න place එකකුත් බුක් කරල අපි ගියා. මෙ දෙකම බුක් කලේ අපේ කැස්බෑ සහොදරය. ඉන්න place බුක් කරද්දි නම් එයයි, චොකා සහොදරයටයි තමයි ඉතින් නියම locations වල contacts තියෙන්නෙ. අපෙ ගැන්සිය ගිය ගොඩක් ට්‍රිප් වල නවාතැන් උනේ මේගොල්ලො බුක් කරපුව තමයි.

ඔන්න කොහොම හරි අපි හන්තානෙ නැගල ආපහු කොළඹ එනව කියමුකො. කඩුගන්නාව හරියෙදි ඉස්සරහ හිටපු කැස්බෑව මෙන්න මෙහෙම කිව්ව. "ෂ!! මරු backup එක නේද"...කියල..
අපිටත් එච්චර ගානක් නැහැ ඒ වෙලාවෙ. හැබයි බැලුව මොකක්ද මේ "backup" එක කියල. බැලින්නම් මෙයා කියල තියෙන්නෙ ඉස්සරහ ගිය අලුත්ම "pickup" එකක් ගැන. "pickup" එක "backup" වුනාට මොකෝ කැස්බෑ සහොදරය නම් මේක පිළිගත්තෙම නෑ ලු. කොළඹට එනකම් මෙහෙම කිව්වලු, "මම farewell කිව්වා, chorus කිව්වා,හැබයි මම backup නම් කිව්වෙ නැහැ." හැබයි ඉතින් අසන්නන්ට නම් ඇසුනි.

ඔන්න ඔහොමයි මේ කතා ටික. තව ඕනේ තරම් තියෙනවා මේ වගේ කතා. ඉස්සරහට අහගන්න පුලුවන්.
මං එහෙනම් ගියා. දන්නවනෙ මං කව්ද කියල. ලොස් ගැන්සියෙ Noopy. ඔන්න එහෙනම් මේ බ්ලොග් පොස්ට් එකට තිත තිබ්බා. අපි ආයෙත් හම්බ වෙමු.

Thursday, September 16, 2010

නාගයා පාර කිව්වා වාගේ…


ඔන්න ඉතින් හා හා පුර කියල මාත් පටන් ගත්ත අපේ loss gang එකේ සිද්දියක් මතක් කොරන්ටමේක නන් වුනේ අපි අන්තිමට ගිය සවාරියෙ හෙම නෙමේ. මේ කියන්න යන්නෙ ඊට කලින් අපේ සෙට් එකේ 7 දෙනෙක් දවස් 3න් පලාත් 7ක් cover කොරපු trip එකක් ගෑන. හ්ම්ම්... cover කොරා කිව්වට ඉතින් cover කොලේම නෑ පොඩ්ඩක් මායිම් වලින් ගෑවීගෙන ගියා.
ගියපු 7 දෙනා මතක් කලොත් එහෙම, චොකා (aka: Nimantha), කුකුලා (aka: Nuwanpriya), හනියා (aka: Haniffa), බනියා (aka: Dinusha), නාගයා (aka: Nagasinghe, පාල, කිරිහාමි, etc, etc), මීයා (aka: Bodul), Uncle (aka:Rusiru).
අපේ කෑස්බෑ යාලුවට (aka: Nafran) නන් ඉතින් trip එක යන්න Sarah නන්ගි ඉඩ දුන් නෑ :’( ඒකටත් හේතුවක් තියෙනව ඉතින්. Trip ගියේ කෑසී මල්ලි Sarah නන්ගිව කසාද බදින්න මාසයක් විතර තියල නොව. ඇරත් trip එක ගියෙ නෑගෙනහිර නවොදය දෑක බලාගන්න ආරුගම්බේ, පාසිකුඩා පෑත්තටනෙ. Sarah නන්ගි හිතුව අනෙ මගෙ වෙන්න ඉන්න මනුස්සය මුහුද දෑකල පරන පුරුදු මතක් වෙලා මුහුදට ගියොත් මට යන කල දසාව මක්කෑ කියල.
අපේ බේබදු යාලුවටත් (aka: Neydorff )යන්න බෑරි වුනානෙ. එයාට දවස් වල Chorus එකේ සින්දු කියන්න practice වෑටිල තිබ්බ. (Chorus කතා මතක් කරන්න නන් ඉතින් වෙනම පොස්ට් එකක් දාන්න වෙයි :D).
කොට පෑන්චි (aka: Akila) නන් දවස් වල හරියට busy. දවස් ටිකේම කොන්ඩෙ වවා ගත්තු කොල්ලෙක්ගෙ ගෙදර නෑවතිලා හරි හරියට වෑඩ. වෑඩ කිව්වෙ වෙන මුකුත් එහෙම නොවේ. band ගහන්න පුරුදු වෙනව.
කොහොමෙන් කොහොමෙන් හරි trip එක යන්න ප්ලෑන් කලා කියමුකො. අනේ අම්මපා trip ප්ලෑන් ගෑන කතා කරද්දි අදහස් දෙන්න නන් කුකුල් යාලුව හරි හපනා. අපි ගෑන හෑමතිස්සෙම care කොරන කොම්පෑනියටනෙ මෙ යාලුව වෑඩ කොරන්නෙ. ඉතින් හෑම වෙලාවෙම මෙ ගොල්ලන්ගෙන කනේ වෑටෙන්නෙ coverage කියන වචනෙ තමා. ‍යන යන තෑන් වල සිග්නල් coverage එක කොහොම වුනත් trips යද්දි වෑඩිම දුරක් cover කොරන එක අපේ මෙ කුකුල් යාලුවගෙ Personal Goal එකක්.
දවස් ගානක් ප්ලෑන් කොරල කොරල දුරම පාරත් හොයා ගෙන ඔන්න ඉතින් අපේ මෙ සවාරිය යන දවස උදා වුනා. මේ ගමනට අපි හා හා පුරා කියල හනි අයියගෙ වෑන් එක තමා තෝර ගත්තෙ. (ඒකෙන් පස්සෙ අපෙ loss gang සවාරි වල නිල රථය වුනෙත් මෙ වෑන් එකම තමා) සෑහෙන දුරක් යන්න තියෙන නිසා කට්ටියම උදේ පාන්දරින් නෑගිටල පිටත් වෙන්න තමා කත බහ කොරගත්තෙ.
ගමන පටන් ගන්න තිබ්බෙ Uncle ගෙ ගෙදරින්. අනේ ඉතින් අසරණ Uncle උදේ පාන්දර 3 විතර නෑගිටල, ගෙනියන්න තියෙන බඩු මුට්ටුත් ලක ලෑස්ති කොරල ගෙවල් ගාව බෝධියත් වෑද පුදාගෙන නමෝ විත්තියෙන් පාන්දර 4 හනි අයියගෙ වෑන් එක ස්ටාර්ට් කොරල ගමන පිටත් වුනා. පලවෙනි නෑවතුම 4.15 හනි අයියව ඇතුල් කෝට්ටෙ හන්දියෙන් ගන්න. හනි අයිය එක අතකින් බෑග් එකත් අනිත් අතින් bongo එකත් උස්සගෙන පාරෙ ඉන්නව. ඔන්න ඉතින් හනි අයිය 4.15 වෙද්දි නෑග්ග වෑන් එකේ ඉස්සරහ සීට් එකට. ඊලග නවතුම අපේ පුන්චි හා පුන්චගෙ ගෙදර. හා මල්ලි කිව්වට ඉන්නෙ ගුලක නන් නෙමේ. 4.30 වෙද්දි හා පෑටියත් ගූඩ් මෝර්නින්ග් පාරක් දාගෙන වෑන් එකට ගොඩ වුනා කියමුකො.
දෑන් තමා අපේ කතා නායක තුමා, කිව්වෙ loss gang එකේ නාගයව ගන්න තියෙන වෙලව. 4.45 මාලබේ, කඩුවෙල අතර නාගෙ අයියගෙ ගෙදරින් එයාව ගන්න තමයි ප්ලෑන් කොරල තිබ්බෙ. කිව්වට මොකද වෙනකොට Uncle වත් හනියවත් බනියවත් නාගෙ අයියගෙ ගෙදර ගොහින් තිබ්බෙ නෑ. වෙලාව 4.45යි. හනිය ගත්ත call එකක් නාගෙ අයියට. කිසි සද්දයක් නෑ. තව පරක් ගත්ත. මේක answer කොරන පාටක් නන් නෑ. තුන් වෙනි පාරටත් ගත්ත. සද්දයක් නෑ. ඔන්න ඉතින් ටික ටික හනි අයියටත් තද වේගෙන එනව.
ඊට පස්සෙ වෙච්ච පොඩි කතා බහක් තමයි මේ...
Hani: අඩෝ මේක නිදිද දන් නෑ බන්! @#$@!!@#!!$@#$ “
Uncle: ඕක නානවද දන් නෑ.හ්ම්ම් තව පාරක් call කරල බලහන්කො
ඔන්න ඉතින් හනි අයිය කේන්තියත් ඉවසගෙන තව පාරක් call කොරල බෑලුව. හ්ම්ම් ඒකත් cut වෙන්න ඔන්න මෙන්න තියල මෙන්න එහා පත්තෙන් එකෙක් Hello පාරක් දෑම්මා.
Hani : ඕයී නාගෙ අපි මේ පාර ලග ඉන්නෙ කොහෙද තොගෙ ගේ තියෙන්නෙ
Nage: කවුද බන් මෙ කතා කරන්නෙ? “
Hani: “@!#$#$%#$%#$%#$%#$% ඕයි මන් හනීෆා. trip එක යන්න තෝව pick කරන්න ආවෙ. කියපිය කොහෙද ගේ තියෙන්නෙ කියල
Nage: අඩේ උබල ඈවිල්ලද ඉන්නෙ? “
Hani: ඔව් යකෝ ඉක්මනට වරෙන් දෑන් වෙලාව 5යි
Nage: අඩේමට විනඩි 5ක් දීපන් බන් මන් පට ගාල එන්නන්
Hani: තෝ එන එක හරි යකෝ අපි මේ පාර දන් නෑතුව ඉන්නෙ. කියපිය කොහෙද ගේ තියෙන්නෙ කියල
Bunny: මේකා දෑන්ද කොහෙද බන් නෑගිටල තියෙන්නෙ x-(“
Hani: ඕයි ඉක්මනට කියනව අරහෙ මීයයි, කුකුලයි, චොකයි බලන් ඉන්නව
Nage: හරි හරි මචන් මන් කියන්නන් පාර. අපෙ ගේ ලගට හෑරෙන්න තියෙන්නෙ සෝම හාමුදුරුවන්ගෙ අම්මගෙ ගෙවල් ලගින්
Hani: “@#$@#$@$%@#$%#$%#$% ඕයි අපි දන්නවද සෝම හාමුදුරුවන්ගෙ අම්මගෙ ගේ මොකද්ද කියල @#$@#$@#$ පින්ඩා. ඇරත් මේ උදේ පාන්දර කාගෙන් කියල අහන්නද? හරියට කියනව
Nage: ඒක හොයාගන්න ලේසියි යකෝ. සෝම හාමුදුරුවන්ගෙ අම්මගෙ ගේ තියෙන්නෙ සෝම හාමුදුරුවන්ගෙ අම්මගෙ මල්ලිගෙ කඩේ ලග
Hani: “@#$@#$@#$@#$ @#$@#$@#$@%$%^$#^&#$% @#$%#$%#$%#$% #%^$#%^$%^$%^$ ^$ “
Nage: " එහෙම කිව්වහම දන්නෙත් නෑද්ද? “
Hani: “@#$@#$@#$@#$ @#$@#$@#$@%$%^$#^&#$% @#$%#$%#$%#$% #%^$#%^$%^$%^$ ^$ “
කොහොමෙන් කොහොමෙන් හරි අන්තිමට රවුම් ගහල ගහල 6 10ක් තියෙද්දි නාගයව ලෑස්ති කොරල වෑන් එකට නග්ග ගන්න පුලුවන් වුනා. සෝම හාමුදුරුවන්ගෙ අම්ම කෙසේ එතත් එවෙලෙ නාගයගෙ අම්මව නන් කට්ටියට මතක් වුනාද දන්නෑ.
ඔන්න ඔහොම තමයි ඉතින් අපේ loss gang එකේ හෑදෙන ප්‍රස්තා පිරුලු වලට තවත් එකක් එකතු වුනේ… “නාගයා පාර කිව්වා වාගේ…. “ :D
ටයිප් කොරල අතත් රිදෙනව. එහෙනන් ඉතින් මන් ගොහින් එන්නන්. මන් කවුද කියල කිව්වෙ නෑ නොවෑ. හි හි වෙන කවුරුත් නොවේ මන් තමයි loss gang එකේ Uncle. එහෙනන් අපි නෑවතුනා
ප.ලි.: මේ සටහන හුදෙක් අපගේ සුන්දර මතකයන් අලුත් කර ගෑනීමටත්, ඒවා කා අතරත් බෙදා හදා ගෑනීම පමණක්ම උදෙසා ලියන ලද්දකි. මෙම සටහනින් ළක් සසුනම්බර සදා නොමියෙන පහනක් වූ අපවත් වී වදාල ගරු සෝම හාමුදුරුවන් වහන්සේට වචනයකින් හෝ අවමානයක් සිදු වුනි නම්, ඒ පිලිබද සකල වාසී සියලු බෞද්ධ වාසීන්ගෙන් මම සමාව අයෑද සිටින්නෙමි.